Thursday, July 7, 2016

ඔබ නො ලියූ අකුරු






ඔබේ ඉපැරණි ශිලා ලියමන
ඉඳහිට වළාකුළු බැම්මෙන් 
හිස ඔසවන

නො දන්නා අය 
වැව රවුමෙ යන එන
නො ලියා ම ඔබ
විසුරුවා ගිය
බරැති අකුරු මතින් 
හදි හදිසියෙන් ඇවිදින

මගෙ හිත බිමට තෙරපෙන
නො දන්නා බසකින්
ඔබ තබා ගිය 
නො ලියූ  අකුරු 
වලාකුළු බැම්මට පළඳා

මම , 
හිස් අතින් යළිත් නික්මෙන

07-07 2016


2 comments:

  1. කෙනෙක් නොලිවූ අකුරු
    දිනක් හමු වුවද
    බරැුති අඩි තබා ආපසු නොහැරී
    කෙනෙක් නොකියා ගිය වදන්
    ගැන ඔබ ලිවූ අකුරු
    සිිහි කරන්නෙ මට
    කෙනෙක් කිසිදා මට නොලිවූ අකුරු
    අද එතැයි හෙට එතැයි
    මා බලා සිටි ලියුම්
    හමුවෙතැයි දිනෙක
    අහම්බෙන්වත් සිතා සිටි කෙනෙක්


    ReplyDelete
    Replies
    1. අද එතැයි හෙට එතැයි
      ඒ බලා සිටි ලියුම්...
      කිසිදාක තැපැල් නොකෙරුණා වෙන්නැති

      ඒ ලියුම් ලියන්නට
      එක දිගට ලියවෙන පෑනක්
      හොයා ගන්නට බැරි වෙන්නැති



      Delete