Monday, April 11, 2016

ඒ තමයි ප්‍රේමය



නියං දුක් වැහි අකුණු පසුකර
පර මලින් ළය වැසෙනු ඉවසා
මල් නඟයි තුරු හිස
පවන් රැල්ලක් සෙමෙන් අමතා
'අරන් යනවද සුවඳ ලොව වෙත?'
අසයි ඒ මහ ගස

තෙතක් නැති  බොල් පාළු අහසක
සිහිල් හිරිපොද සෙමෙන් අතුරා
පාව යයි මේඝය
ජීවිතේ බිම වැටෙන තැන්වල
වේදනා  පිරිමදින නිම්නය
ඒ තමයි ප්‍රේමය

11-04-2016

6 comments:

  1. \\ජීවිතේ බිම වැටෙන තැන්වල
    වේදනා පිරිමදින නිම්නය
    ඒ තමයි ප්‍රේමය\\
    ලස්සනයි පද පෙල. මං කැමතියි කෙටි වෙන තරමට. අහම්බෙන් ආවෙ, දිගටම එන්නම්කො. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ආයෙත් එන්න.

      Delete
  2. ජීවිතේ බිම වැටෙන තැන්වල
    වේදනා පිරිමදින නිම්නය
    ඒ තමයි ප්‍රේමය
    පට්ට

    ReplyDelete
  3. ම්ම්.. හරිම ලස්සනයි..

    "වේදනා පිරිමදින නිම්නය" මං කැමති ඒ කොටසට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ.

      Delete