Friday, April 8, 2016

සිහින රැස්කරනය‍



සිහින රැස්කරනය‍,
ඉතිං ඔබ කළ යුතු 
මට පෙනෙන්නට පෙර ම 
සිහින ඩැහැගැනුම ය..

මිහිදුමින් වැසි කඳු මුදුන් 
දෙව් ලොවෙත් නැති මල් උයන්
නිල් දියෙහි සඳ රැස් වියන්
එළඹෙනු පෙර සිහිනයට,
වළකාලීම ය..

තෙතබරිත උදයක පොළෝ ගැබ සුවඳ
නිහඬ කඳුකර මංපෙතක වැටී ඇති කවි ද 
මිතුරු සැණකෙළියක විසිරි මධු මී රත ද 
බිඳක්වත් ශේෂ නොකොට ම
උදුරා ගැනුම ය..

ඉතිං ඔබ කළ යුතු,
නින්ද ද අවදියෙන් සිටීම ද 
ඉලක්කම් ද ජීවිතය ද
එකක් බව මට පසක් වන තුරු,
සිහින නවතාලීම ය.. 


07-04-2016



No comments:

Post a Comment