Wednesday, March 9, 2011

බෝ ගහ පාමුල -නුගේගොඩ මංසන්ධියේ දී ය.-

















නිලූ ද ලද සිදඹුවො දිගු වරලැ   නිලූ   
නිලූ ද වට බිඟුපෙළ අද තඹර   නිලු  
-සැළලිහිණී සන්දේශය


අළු පාට ඇතිරිල්ල එලා ගත් අහස          යට
කාක බෝ හෙවණ අස රන්වනුන් මග බලන
සළු ඇඳන් සිල් මුදන කහ පාට      වගුරුවන
සල දූලි සෙමෙර බඳ රත්තරන්        හැන්දෑව

පැහැනද පහන් එළියෙන් බසයට        දුවන
මුවරද ලොබින් බිඟු මධු සැල් වෙත ඇදෙන
පසතුරු නාදනූ රිය හය කැළ             දකින
මග පිපි කුසුම් ඇස හකුලා ඉඟි          කරන

ඔප නැති ගත හෙල්මැලි සියුමැලි  නොවුන
ලප පිරි වත බිඟු හැර ගිය මල්      පොකුණ
රොන් සුණු සිඳුණු අව පෑ ගත් පුර     අඟන
පුර වදුලේ මත් කොවුළන්         සැරි සරන

ලාබ කොකුමඟර තුඟු නොව තන     මඩල
ලතු තවරා මුත් නොම දුල පා            යුගළ
පුද නොම ලද බෝධිය පාමුල           පතළ
පොබයනු තනන පියුමෙනි පර වී      විසුළ

පාලම් බෙයද ඇස අලවා දුක              ලියන
සායම් මැකුණු  සිහිනෙක රැඳි        මියුළඟන
පිල් අගුවක පිල් සිඳ දී ගිනි                 නිවන
වෙන සැප නැත් ද බෝමැඬ මැඩෙනා පමණ

No comments:

Post a Comment