Wednesday, October 27, 2010

පොඩි එකෙකු මා සමග සිනාසුණි


පසුබිමෙහි පණ අදින පණ ගැහෙන කතාවකි
පොඩි එකෙකු ඒ නොදැන මා සමග සිනාසුණි
ඔටුනු අභියස කොඳු කැඩෙන රටකින්
විප්ලවයට පේටන්ට් ගන්ට පොරකන දෙසකින්
පැමිණි  මා දෙස බලා හෙමිහිට
පොඩි එකා  මා සමග සිනාසුණි.
ශිෂ්ටාචාර වලට බැරිවුණු
කාල මායාවේ යළි යළිදු සැඟවුණු
විප්ලවය ද ජයග්‍රහණය ද
කහට බැඳි ඒ දසන් මත නැගි
සිනා රළ මත ඉපදුණි.
මම නැවතුණෙමි.
                        
-වවුනියාවේ පාවක්කුලම්හිදීය.
 26/10/10

3 comments:

  1. ලක්ෂ ගණන් යාපනේ ට්‍රිප් යනවාට වඩා ඔබ වැනි එක් සංවේදී මිනිසෙකුගේ ගමන යහපත්ය.
    (කළු පසුබිම මත සුදු අකුරු පැහැදිලි නැත. මගේ මැෂීන් එකේ අවුලක් ද නොදනිමි)

    ReplyDelete
  2. ඔබට ස්තූතියි.

    ReplyDelete
  3. පොඩි එකාගෙ හිනාව තවම නොදන්න මහ කතන්දර කොයි තරම් රාශියක් තියෙනවද? පොඩි එකා පොඩි එකෙක්ම විදියට හැමදාම ඉන්නවනම් ඒ හිනාව හැමදාම තියෙයි.
    ගොඩක් සංවේදී සටහනක් වගේම සේයාරුවක්.

    ReplyDelete